පාකිස්තානයේ ආධාර උපකාර ඇතිව අන්තවාදී සංවිධානයක් ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පුහුණුවීම් සිදුකරන බව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායක එල්. ගනේෂන් ඊයේ (03 දා) පැවසූ බව 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත් සේවය අද (04 දා) වාර්තා කළේය.
මේ පිළිබඳව පාකිස්තානය මෙන්ම ශ්‍රී ලංකාවද දන්නා බවත්, මේ පිළිබඳව වර්තමාන ඉන්දීය මධ්‍යම රජය නරඹන්නෙක් මෙන් බලා සිටින බවත් ගනේෂන් වැඩිදුරටත් පවසයි.
ඉන්දියාවේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කරන්නේ, චෙන්නායිහි බෝම්බ පිපිරුමද භාරතීය ජනතා පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂක නරේන්ද්‍ර මෝඩිට අනතුරු ඇඟවීමට එල්ල කළ ප්‍රහාරයක්ද වන බවයි.