ශ්රී ලංකාව හා පාකිස්තානය විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම තාවකාලිකව නැවැත්විය යුතු බවට ධීවර ජනතාවගේ ලෝක සම්මේලනයේදී එක්මතිකව යෝජනා ස්ථිරවී තිබේ.
ඉන්දියාව, ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පවතින ධීවර ගැටලු සඳහා පවතින සාකච්චාවලින් විසඳුමක් ලබෙන තෙක්වත් මෙම අත්අඩංගුවට ගැනීම් නැවැත්ව්ය යුතු බව ඔවුන්ගේ අදහසයි.
මෙම ගැටලුව අවසන් කරගත හැක්කේ දෙපාර්ශ්වයන් අතර ගෞරව කිරීමෙන් බවද ඔවුන්ගේ අදහසයි. ඉන්දියාව හා ශ්රී ලංකාව අතර පවතින්නේ අඩු පරතරයක් හේතුවෙන් සම්පත් බෙදා ගැනීමේ ගැටලුවක් පවතින බවත් ඔවුහු පවසති.