ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සහ විදේශ අමාත්‍යංශ ලේකම් සුජාතා සිංග් හමුවී දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ සාකච්ජා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා උපුටා දක්වමින් බී.බී.සී.ය කියයි.
එහිදී, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පවතින වත්මන් තත්ත්වය පිළිබඳව තොරතුරු ඔවුන් හා සාකච්ජා කළ බවත්, එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන විවිධ ගැටළු ඔවුන්ට පෙන්වා දුන් බවත් ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.
ඒ අතර, උතුරු නැගෙනහිර පලාත්වල ජන විකාශයේ වෙනස්කම් ඇති කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රජය ආරම්භ කොට ඇති වැඩසටහන් පිළිබඳවත් එම පලාත්වල සංස්කෘතික සහ භාෂා අනන්‍යතාවයට කෙරෙන බලපෑම ගැනත් සාකච්ජා කළ බවද මන්ත්‍රීවරයා පවසා ඇත.
පිළිගත හැකි කිසිදු දේශපාලන විසඳුමක් කෙරෙහි රජයේ උනන්දුවක් නොමැති බව තමන් ඉන්දියාවට පෙන්වා දුන් බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.
දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසඳුමක් නොවුණත් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළද අර්ථාන්විතව බලය බෙදීමක් ඇති කිරීමට රජය අපොහොසත් වී ඇති බව තමන් මේ සාකච්ජාවේදී පෙන්වා දුන් බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසා ඇත.
මීට අමතරව, දෙමළ ජනතාවට බලපාන තවත් ගැටළු ගැන ඉන්දීය විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් සමඟ සාකච්ජා කළ බව පවසා ඇති ඔහු, වැඩිදුරටත් ඉල්ලා සිට ඇත්තේ තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව ඉන්දියාව කිසියම් හෝ පියවරයක් ගත යුතු බවයි.