ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිතුරෙක් බවත් තම නායකත්වය යටතේ සෑමදාම ඉන්දියාව ශ්‍රි ලංකාවේ මිතුරෙක් ලෙස කටයුතු කරන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා නුවර එළියේදී පැවැසීය.
නුවර එළියේ පැවැති සන්ධාන ප්රචාරක රැලිය අමතමින් අද (28දා) හෙතෙම මෙම අදහස් දැක්වීය. එසේම ඉදිරියේදී වතු ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඔවුන් වෙනුවෙන් නිවසක අයිතිය ලබා දෙන බවත් ජනපතිවරයා පැවැසීය.
සමහරු පුද්ගීකරණය ගැන කටයුතු කරන බවත් තමන් එක වත්තක් හෝ පුද්ගලීකරණයට ඉඩ නොතබන බවත් ජනපතිවරයා පැවැසීය.
දමිළ ජනතාව ශ්‍රී ලංකාවේ හදගැස්ම බවත් එය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි බව පෙන්වා දුන් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසුවේ නුවරඑළියට ගුවන්තොටුපොළක් ලබාදෙන බවයි.