ඉන්දියාවේ පිහිටා තිබෙන ඇමෙරිකානු හා ඊශ්රායල් කොන්සල් කාර්යාල වෙත ප්රහාරයක් එල්ලවීමට ඉඩකඩ පවතින බව ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් ශ්රී ලංකාවේ නිලධාරීන්වෙත දන්වා තිබෙන බව ද හින්දු පුවත් සේවය පවසයි.
මෙම ප්රහාර සම්බන්ධයෙන් කොළඹ පිහිටා ඇති පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු පිළිබඳ ඉන්දියාව ශ්රී ලංකාවට තොරතුරු අනාවරණය කර තිබෙන බව හින්දු පුවත් සේවය පවසයි. අදාළ තොරතුරු පිළිබඳව ශ්රී ලංකා රජයේ ප්රතිචාරය කුමක්දැයි යන්න පිළිබඳව ඉන්දියාව අවධාරණයෙන් සිටින බවත් හින්දු පුවත් සේවය පවසයි.
පසුගිය මාසයේදී ඉන්දියාවේ විවිධ ප්රදේශයන්හි මෙන්ම ඇමෙරිකානු හා ඊශ්රායල් කොන්සල් කාර්යාලවල ඡායාරූප කිහිපයක් සමග ශ්රී ලංකා ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තමිල්නාඩු පොලීසිය කටයුතු කර තිබුණි.