ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුව ඇතුලු ඉන්දීය භූමියට පැමිණෙන පුද්ගලයන් සරණාගතයින් ලෙස පිළිනොගැනීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ.
යුද්ධයෙන් පසුව වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම හේතුවෙන් ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට පැමිණීමේ දී ඔවුන්ව සරණාගතයින් ලෙස පිළි නොගැනීමේ තීන්දුව කෙරෙහි ඉන්දිය මධ්‍යම රජයේ අවධානය යොමු වූයේ 2011 වර්ෂයෙන් පසුව බවයි.
මේ සම්බන්ධයෙන් තමිල්නාඩුවේ මන්ඩබම් ප්‍රදේශයේ නියෝජ්‍ය ලේකම් කාර්යාලයේ තොරතුරු වලට අනුවල 2011 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙකු සරණාගතයින් ලෙස නොපිළිගත යුතු බව ඉන්දීය මධ්‍යම රජය තමන්ට නියෝග කර තිබූ බව සඳහන් කර ඇති බවට ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මැයි මාසයේ මුල් සතියේ දී යාත්‍රාවක් මගින් දේශපාලන රැකවරණ පතා තමිල්නාඩුවට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 10 දෙනා ඉන්දීය විදේශ ප්‍රතිපත්ති වලට අනුව සිරගත කරනු ලැබුවේ අදාළ මධ්‍යම රජයේ තීන්දුව අනුව බව ද ප්‍රකාශ වේ.
කෙසේ වෙතත් ඉන්දීය රජයේ මෙම ප්‍රතිපත්තිමය තීන්දුව ඉන්දියාවේ වෙසෙන කොටි හිතවාදී දේශලඥයින්ගේ හා කොටි හිතවාදී සංවිධාන වල දැඩි විරෝධය එල්ලවී ඇති බවද වාර්තාවේ.