පෙර සූදානම් කළ පිටපත් නොමැතිව පුරා පැයක් සුවිශේෂී දේශනයක් ඉන්දීය නිදහස් දින උලෙළට එකතු කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාව විදේශ අපනයන මධ්‍යස්ථානයක් බවට පත්කරන බව පැවසීය.
එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා සිය දේශනයේදී අවධාරණය කර සිටියේ පසුගිය කාලය පුරා දිගින් දිගටම ඉන්දියාවෙන් වාර්තා වූ ස්ත්‍රී දූෂණයන් සමස්ත ජාතියටම නිගාවක් හා ජාතියම ලැජ්ජාවට ලක්කරන සිදුවීම් බවයි.
දිල්ලි අගනුවර රතු බල කොටුවේ පැවති ඉන්දියාවේ ජාතික නිදහස් දින උත්සවය ප්‍රථම වරට අමතමින් මෙසේ අදහස් දැක්වීය.
ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන පරිදි කිසිදු කිසිදු සටහනක් හෝ පෙර සූදානම් කළ පිටපත් නොමැතිව මුලසුනේ කතාව පැවැත්වූ අග්‍රාමාත්‍යවරයා වෙඩි නොවදින ආවරණයක් භාවිත නොකිරීම තවත් සුවිශේෂී කාරණයක් විය.
සාමාන්‍යයෙන් ඉන්දියාවේ සාම්ප්‍රදායික නිදහස් දින මාතෘකාව වන පකිස්තානය සමග පවතින විරසකභාවය බැහැර කරමින්, ඉන්දියාව විදේශ අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැඩ පිළිවල සහ ඉන්දියාව තුළ පැතිරෙන කාන්තා අපචාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් යොමු වීම අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිදහස් දින කතාවේ තවත් විශේෂ වෙනසක් බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දියාව අපනයන මත පදනම් වූ රටක් බවට පත් කිරීමට උපකාර කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි අග්‍රාමාත්‍යවරයා, කාන්තා හිංසනය දුරු කිරීමට උපකාරී වන ලෙස ඉන්දියානු ජනතාවගෙන්ද ඉල්ලීමක් කළේය.
පසුගිය මහ මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබා අග්‍රමාත්‍ය පදවියට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ නිදහස් දින කතාව සම්බන්ධයෙන් බොහෝ ඉන්දියානුවන් අන්තර්ජාලය හරහා තම අදහස් පළ කරමින් කියා සිටියේ එය ජාතිය පුබුදු කරවන ඉතා ආදර්ශමත් මෙන්ම ප්‍රශංසනීය කතාවක් බවයි.