(UPDATE) ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනආ යෝජනාවලිය මීට සුළු මොහොතකට පෙර සම්මතවිය. යෝජනාවට පක්ෂව ඡන්ද 23ක්, විපක්ෂව ඡන්ද 12ක් හා රටවල් 12ක් ඡන්දය ප්‍රකාශ කිරීමේන් වැළකිණි.
-------------------------------------------------------------------------------------------------------------------------
ඇමෙරිකාව, එංගලන්තය, මුරුසිය, මොන්ටිනෙග්රෝව හා මැසඩෝනියාව යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලියට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ඉන්දියාව තීරණය කර තිබේ.
එම යෝජනාවලිය සඳහා පිළිතුරු කතාව සිදුකළ ජිනීවාහි නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතාද ප්‍රකාශ කළේ, එහි සඳහන් කරුණු ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑමක් බවත්, මිත්‍ර රටවල් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලාසිටින බවත්ය.