එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉන්දියාව විසින් පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඉන්දීය මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අද (15දා) මෙම තීරණය ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙම තහනම 2014 වසරේ මාර්තු මස 14දා සිට තවත් වසර පහක් බලාත්මක වෙයි. ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයෙන් පසුව 1991 වසරේදී ඔවුන් පළමු වරට කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කරනු ලැබීය. ඉන්දියාව අවසන් වරට 2012 වසරේ මැයි මාසයේදී ඒල්.ටී.ටී.ඊ. සංවිධානයට අැති තහනම දීර්ඝ කරනු ලැබිය.