ඉන්දියා ගිය ශ්‍රී ලංකන් යානය කාර්මික දෝෂයකට
පැය 02 විනාඩි 08 ක කලයක් ගුවන් ගත වී තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් යළි ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 141 දරණ ගුවන් යානය මෙසේ නැවත පැමිණ තිබේ. මෙම යානය ඊයේ (13දා) රාත්‍රී 11.47 ට මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
යානය ගුවනේදී කාර්මික දෝෂයකට ලක් වූ අතර, ඒ බැව් යානයේ නියමුවා කටුනායකට දැන්වීමෙන් අනතුරුව, ලබා දුන් උපදෙස් මත යළිත් මෙම යානය ආපසු හරවා ගෙන අද අලුයම 1.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වනු ලැබීය.
එය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ - 320 වර්ගයේ ගුවන් යානයක් වන අතර, එහි මගීන් 138 ක් සහ කාර්ය මණ්ඩලය 07 ක් සිටි බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.
මෙම යානය මුම්බායි ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වනු ලැබුවේ නම් , එහි අලුත්වැඩියා කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළට සාපේක්ෂව වැඩි වියදමක් දැරීමට සිදුවන නිසා යානය යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගත් බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
යානයේ වූ මගීන් වෙනත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් යොදවා යළිත් අලුයම 3.34 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


