දිවුලපිටිය ප්‍රදේශයේ පස් කැපීමේ ජාවාරමට තමන්ගේ සම්බන්ධයක් නැති බවත්, ඒ පිළිබඳව විවාද කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ආරාධනාකර සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (01දා) පැවසීය.
බොරැල්ල එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා සමග ළඟින් කටයුතු කරන පුද්ගලයෙකු එම ජාවාරමට සම්බන්ධ වී සිටින බවයි.