ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයකදී තමන් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඊයේ (12දා) රත්නපුරේ දී පැවසීය.
යහපාලන ආණ්ඩුවේ ඇමතිධූර අතහැර විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු රත්නපුර ආසන්නයට පැමිණි අවස්ථාවේ පැවති පිළිගැනීමේ උත්සවයකදී සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ය.
“අපි බෙදී වෙන්ව සිටීමෙන් අපි කාටවත් වාසියක් අත් වෙන්නේ නෑ. පහුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඊට හොඳම උදාහරණය. මම ජාතික ආණ්ඩුවට ගියේ පක්ෂයේ තීරණ මත මිස පුද්ගල වන්දනාවකට නෙවෙයි අපි එකතු විය යුතුයි. අවුරුදු දෙකෙ ජාතික ආණ්ඩුව ඉවර වුණ නිසා අපි විපක්ෂයට ආවා. මම ඉදිරි මැතිවරණයකදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වනවා.”
අජිත්ලාල් ශාන්තඋදය