ඉදිරි පස් වසර ඇතුළතදී රජයේ රැකියා දසලක්ෂයේ ඉලක්කයට
මිනිස්බල හා කම්කරු දෙපාර්තමේන්තුවේ ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය හරහා ඉදිරි පස්වසර ඇතුළතදී රජයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහනේ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ . සෙනෙවිරත්න මහතා පැවසීය.
ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් බත්තරමුල්ල සෙත්සිරිපායේදී ඊයේ (15දා) පැවති උත්සවයේදී ඒ මහතා එසේ පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'රැකියා දස ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය කර රැකියා වෙළෙඳ පොළේ දත්ත ලබාගැනීමත් එම රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සපිරූ, ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින රැකියා විරහිත තරුණ තරුණියන් යොමුකිරීමත් මෙම මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට නියමිතයි.
මේ වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22ක ජාතික රැකියා සේවා මධ්‍යස්ථානයේ ශාඛා කාර්යාල පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඉන් කාර්යාල 7ක් මේවනවිටත් පිහිටුවා තිබෙනවා.
කලා විෂය ධාරාවන්ගෙන් ඉගෙනගත් තරුණ පිරිස් රැකියා සඳහා යොමුකිරීමට පෙර පුහුණුවක් ලබාදීමට පුද්ගලික අංශය සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වෙත යොමුකිරීමටත් එමගින් සේවා යෝජකයන්ට අවශ්‍ය සහය ලබාදීමටත් බලාපොරොත්ත ෙවනවා.' යැයිද පවසා සිටියේය. විෂය භාර රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
