ඉදිරි දින දෙක තුන ඇතුළත හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහනුවර සිද්ධියට සම්බන්ධ සියලුම පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී ජනතාවට හෙළි කරන බවයි.
"අපි බලාපොරොත්තු වෙනව, ඉදිරියේදී මේක කරපු අය, මේකට සම්බන්ධ වෙච්ච අය මේ රටේ ජනතාවගේ දැනගැනීම සඳහා හෙළි කරන්න.
දැනට අත්අඩංගුවට අරගෙන ඉන්න අයගෙන් 25%කට වැඩි ප්‍රමාණයක් පිට පළාත්වලින් මේ සිද්ධිය සංවිධානය කරන්න ආපු අය.
යම් යම් ආරක්ෂක අංශවලට අයත් කිහිප දෙනෙක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා.
දේශපාලන පක්ෂවලටත් සම්බන්ධ අය ඉන්න විත්තිය අපට දැනගන්න ලැබිලා තියෙනවා.
ඒ අයවත් හෙළි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අපේ රජය කිසිම අදහසක් නෑ හදිසි නීතිය යටතේ රට පාලනය කරන්න. දවස් දෙක තුනක් ඇතුළත හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.