වායුගෝලීය කැළඹිලි ස්වභාවයන් හේතුවෙන් ඉදිරි දින දෙක තුළ ද දිවයින පුරා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ට වඩා) ඇතිවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර (ප.ව. 1.00) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.