ඉදිරි දින කිහිපය තුළදී ප්‍රධාන වශයෙන් දිවයිනේ දකුණු කොටසට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විශේෂයෙන් උදය කාලයේ දී වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තරමක තද සුළං ඇති විය හැකි බවත්, සෙසු ප්රදේශවලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.