පෙදරේරුවන්, පින්තාරුකරුවන් වැනි ඉදිකිරීම් කේෂ්ත්රමයේ නියුතු සියලු ශිල්පීන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළ නීති ගෙනෙන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත හෙට (23 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ වසර 18 ක් තිස්සේ විවිධ ඇමතිවරුන් අතර සාකච්ඡාවට ලක්වෙමින් තිබූ මෙම පනත පිළිබඳව පසුගිය වසර තුන තුළදී පුළුල් කතිකාවකට භාජනය කළ බවත්, කැබිනට් මණ්ඩලය තුළ පමණක් වසර 1 1/2 ක් සංවාදයට භාජනය කළ බවත්ය.
පනත සම්මත වූ පසු දිවයින පුරා සිටින හයලක්ෂයක් පමණ වන ඉදිකිරීම් ක්ෂේත්‍ර යේ සියලු ශිල්පීන්ට හැඳුනුම්පතක් නිකුත් කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.