ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය සැපයූ 6191ක් පමණ වන මිනිස්බල සේවක පිරිස අතරින් මූලික සුදුසුකම් සපුරා අනියම් පදනම මත සේවය කළ 2363 ක් පමණ 2015 ඔක්තෝබර් මාසයේ ලංවිම ස්ථීර සේවක ප්රවාහයට අන්තර්ග්‍රහණය කළ අතර ඉතිරි පිරිසගේ සේවය ස්ථීර කිරීම, ලබන ඔක්තෝබර් 14දා සිදුකෙරෙන බව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා "මා මේ අමාත්‍යාංශය බාරගෙන මේ මස 4 දාට හරියටම වර්ෂයයි. ඒ වනවිට විදුලිබල මණ්ඩලයේ මිනිස්බල සැපයුම යටතේ බඳවාගත් සේවක සේවිකාවන් සහ කොන්ත්‍රාත් ක්‍රමයට බදවාගත් සේවකයන් 6191 ක් පමණ සිටියා. එයින් මිනිස්බල සැපයුම් ක්‍රමයට 4957 ක් සහ කෑලි ක්‍රමයට බඳවාගත් මනුකියවන්නන් 1234 ක් ලෙසයි මෙය සකස් වුණේ. අපි ප්‍රථමයෙන්ම 2014.12.31 දිනට දින 180 ක් සම්පූර්ණ කළ මිනිස්බල ක්‍රමයට බඳවාගත් සේවකයින් අතරින් 2363 දෙනෙක් 2015 ඔක්තෝබර් මාසයේ ස්ථිර කළා. මූලික සුදුසුකම් නොමැති 2594 ක් ලංකා එනජීස් ආයතනයට සම්බන්ධ කළා. මෙම පිරිසත් ඉතා දිගු කාලයක් ලංවිමට සේවය සැපයූ මහත්ම මහත්මීන්. ඒ නිසා ඔවුන් සියලූදෙනාත් යම්කිසි නිශ්චිත වෙනත් ශ්‍රේණියකින් විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවක ප්රවාහයට එක් කරන්න අපි කටයුතු සකස් කළා. ඉන්පසුව ඔවුන්ට තමන්ගේ සුදුසුකම් සපුරාගෙන ඉදිරියට උසස්වීම් ලබාගැනීමට හැකිවෙනවා. කොන්ත්‍රාත් ක්‍රමයට ගත් මනුකියවන්නන් අතරින් මූලික සුදුසුකම් සපුරා තිබෙන 2014.12.31 දිනට දින 180 සපුරා තිබෙන සියලූදෙනාත් මේ සමගම ස්ථීර සේවයට බඳවාගන්න අපි කටයුතු කරගෙන යනවා. මූලික සුදුසුකම් නොමැති අය මිනිස්බල සැපයුම් සේවකයන් අතරින් මූලික සුදුසුකම් සපුරා නොමැති අය ස්ථිර සේවක ප්‍රවාහනය බඳවාගන්නා ආකාරයට ලංවිම ස්ථීර සේවක ප්රවාහයට බඳවා ගන්නට කටයුතු කරනවා.
සේවකයාට ආයතනයකින් යුතුකම් ඉෂ්ඨ වියයුතුයි. විශේෂයෙන්ම තෘප්තිමත්වූ සේවකයා යනු ආයතනයක වැදගත්ම සාධකයයි. එහි කිසිම විවාදයක් නැහැ. මේ කාරණා සියල්ලත් සමග මේ කටයුත්තට මූලිකවම මැදිහත් වෙලා, ලබන ඔක්තෝබර් 17 දා ජනාධිපතිතුමාගේ සුරතින් මෙම පත්වීම් ලබාදීමට අපි මේ වනවිට කටයුතු සකස් කරමින් සිටිනවා" යැයි පැවසීය.