ඉතාලියේ වෙරෝනා නුවර සේවය කරමින් සිටි ලාංකික තරුණයෙකු එරට දුම්රියක ගැටී මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව චාල්ස්විලියම් මාවතේ පදිංචි 31 හැවිරිදි කොස්වත්ත මුහන්දිරම්ලාගේ ජීවන් සංජය තමෙල් නැමැත්තෙකි.
ඉකුත් 05 වැනිදා රැකියාවට යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති අතර, දුම්රියේ හැපී බරපතළ තුවාල ලබා සිටි තමෙල් මහතා එම ස්ථානයේම මිය ගොස් තිබේ.
වසර ගණනාවක් ඉතාලියේ ජීවත් වෙමින් රැකියාව කර ඇති ඒ මහතා තම සහෝදර සහෝදරියන් සමග ජීවත්වී ඇත. වෙරෝනා නාගරික පොලීසිය හා ඉතාලි දුම්රිය අංශ මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ඔහුගේ මෘත ශරීරය වෙරෝනා ප්රධාන රෝහලේ තැන්පත් කර තිබේ.
(නයිනමඩම චන්දන ප්රනාන්දු)