කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාශ්රී සංඝ සභාවේ 15 වැනි මහානායක ධුරය සඳහා පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පත්කර තිබේ.
කෝට්ටේ රාජමහා විහාරයේ මංගල උපෝසථාගාරයට ඊයේ (18දා) රැස්වූ එම පාර්ශ්වයේ සාමාජික භික්ෂූන් වහන්සේලාගේ ඒකඡන්දයෙන් මෙම පත්කිරීම සිදුකෙරිණි.
මෙතෙක් කලක් මහානායක ධුරය හෙබවූ පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥානවිමල ස්වාමීන් වහන්සේගේ අපවත්වීමත් සමග එම තනතුර හිස් විය.
නව තනතුරෙන් පිදුම් ලැබූ උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේදී ඊයේ (18දා) සවස සමස්ත ලංකා අමද්‍යප තරුණ සංගමය විසින් සංවිධානය කර තිබුණි.