හොරණ ටයර් කර්මාන්ත ශාලාවට ඉඩම් අක්කරයක් ලබාදී තිබෙන්නේ තමන් සකස් කළ ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳව දැනුවත් නොමැති අමාත්‍යවරුන් විසින් බව කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා මෙම ගනුදෙනුව නවතා දමා තිබෙන බවත්, තමා ඉඩම් අමාත්‍යවරයාව සිටි කාලයේදී සකස් කළ ප්‍රතිපත්තියට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටවත් රුපියල් 100 මුදලකට ඉඩම් බදු ලබාදිය නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
ඉඩම් අමාත්‍යවරයාව සිටියදී සකස් කළ ඉඩම් ප්‍රතිපත්තියට අනුව ඉඩම් ලබාගත යුත්තෙත්, ඉඩම් බදු ලබාදිය යුත්තේ වාණිජ වටිනාකම්වලට අනුව බවද අමාත්‍යවරයා සඳහන් කළේය.