සංවර්ධන කටයුතු සඳහා බව පවසමින් ලබාගත් තම පාරම්පරික ඉඩම් නැවත ලබාදෙන ලෙස බලකරමින් දඹුල්ල නගරයේ පදිංචිකරුවෝ පිරිසක් අද (13දා) දඹුල්ල නගරයේදී විරෝධතාවක නිරතවූහ.
ඉඩම් නැවත ලබාදෙන ලෙස ඉල්ලා තමන් පසුගිය 04 වැනිදා ආරම්භ කළ උපවාසයට අද (13දා) දිනට දින 10ක් ගතවන බවත්, මෙතෙක් ඒ සඳහා කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමුවී නොමැති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
වසර ගණනාවක සිට තම ගැටලුව බලධාරීන්ට පැවසුවද මෙතෙක් ඊට විසඳුමක් නොලැබුණු බැවින් ඉදිරියේදී උපවාසයක් ආරම්භ කර අසාධාරණයට ලක්වූ වැසියන් සමග නාගරික සංවර්ධන අධිකාරියේ කාර්යාලයට ගොස් පදිංචි වන බව විරෝධතාකරුවෝ වැඩිදුරටත් පවසා සිටියහ.