ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර පීඩනය මගහැරීමටනම් බලය විමධ්‍යගත කිරීමේ මෙන්ම දේශපාලනික විසඳුමක ඉක්මන් ප්‍රගතියක් අවශ්‍ය බව ඉන්දියානු මහකොමසාරිස් වි.කේ. සිංහා සඳහන් කරයි.
දෙමල ජාතික සන්ධානය හා රජය අතර ධනාත්මක මට්ටමේ සාකච්ඡා පැවැත්වීම ගැටලු ආමන්ත්‍රණය කිරිම සඳහා පවතින හොඳම මාර්ගය බවත් සිංහා මහතා විදේශීය මාධ්‍යවේදීන් හා ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.
"ශ්‍රී ලංකාවේ පවතින ගැටලු අර්ථාන්විතව ආමන්ත්‍රණය කිරීමට රජය කටයුතු කළ යුතුයි. ඒ හරහා ජාත්‍යන්තරට පැහැදිලි පණිවුඩයක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙනවා." යැයි සිංහා සඳහන් කරයි.