ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිය නියාමනය කිරීම සඳහා ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කරමින් ඉංජිනේරු සභාව පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
විවිධ ආයතනවලින් සුදුසුකම් ලබන වෛද්‍ය, නීති ආදී ක්ෂේත්රවල වෘත්තිකයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ලියාපදිංචි කිරීමේ හෝ බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය වැනි පිළිගත් නිසි ක්‍රමවේදයක් ඉංජිනේරු වෘත්තිකයන් සම්බන්ධයෙන් අනුගමනය නොකෙරෙන බැවින් ඉංජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තීයමය තත්ත්වය පවත්වාගෙන යාම සහ නියාමනය සම්බන්ධයෙන් වගකීම දරන ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පිහිටුවීමට මේහරහා යෝජනා කර ඇත.
ඒ අනුව, ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කිරීම සඳහාත්, ඒ හා සම්බන්ධ කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමටත් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභා පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.