අධික ශබ්දයක් සමග ඉංගිරිය පොලිස් ස්ථානය දෙසින් ඇතිවූ පිපිරීමක් හේතුවෙන් අද (13දා) උදෑසන ඉංගිරිය නගරය තුළ දැඩි නොසන්සුන්තාවක් ඇතිවිය.
පොලිස් ස්ථානයේ කැළිකසළ එක්රැස් කරන ස්ථානයේ කැළිකසළවලට කිසියම් පුද්ගලයෙකු ගිනිතැබීම හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අධික ශබ්දයත් සමග අවට ප්රදේශය පුරා විසිර ගිය යකඩ කැබලි වැදීම නිසා අවට වෙළෙඳසැල් කිහිපයකට සහ ප්රධාන බස් නැවතුම්පළේ වහලයට අලාභහානි සිදුව තිබේ.
මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඉංගිරිය - නිමාලි කහවල