ලෝකයේ ඉතා ඉහළ වැටුප් සහිත රැකියා ශ්‍රී ලංකාවට නොලැබී ඇත්තේ ඉංග්‍රීසි දන්නා ශ්‍රමිකයන් නොමැති නිසා යැයි විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. එබැවින් ඉදිරියේදී ඉංග්‍රීසි දන්නා ශ්‍රමිකයින් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉංග්‍රීසි භාෂාව දන්නා ශ්‍රමිකයන් ඇමෙරිකානු ඩොලර් 600 සිට වැටුප් තලයකට විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරිය කියා සිටියාය.
මධ්‍යම පළාත් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන්ගේ හමුවීමේ අවස්ථාවට මහනුවරදී එක්වෙමින් ඇය මේබව කියා සිටියාය.
“‘‘අපි ශ්‍රමිකයන් යවලා විදේශ විනිමය ගෙන්වාගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි උපරිම මට්ටමකින් පුහුණු ශ්‍රමිකයන් යවන්න කටයුතු කරන්න ඕනි. ගෘහ සේවිකාවන්ට අපි දින 40 ක පුහුණු කාලයක් ලබා දීලා තියෙනවා. ඒ දින 40 නතරවෙලා ඉන්නත් ඕනි. ඉදිරියේදී එයාලට විභාගයකුත් ලියන්නට වෙනවා. පස්සෙ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසිත් ඉගෙනගන්න වෙනවා. ලෝකයේ ගොඩාක් මාර්කට් නැති වෙන්නෙ ඉංග්‍රීසි නැති නිසා. අලුත් වෙළෙ පොළවල් විවෘත කරගන්න ඕන. අපට යුරෝපයේ රැකියා ඇවිත් තියෙනවා. නමුත් ඉංග්‍රීසි නැති නිසා යවන්න විදියක් නැහැ. අපි අනිවාර්යයෙන්ම මාස 03ක විතර ඉංග්‍රීසි පාඨමාලාවක් පටන් ගන්නවා. ඒ සඳහා අපේම කියන මධ්‍යස්ථාන පටන් අරන් තියනවා* යනුවෙන්ද අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දැක්වූවාය.