(UPDATE) අෆ්ගන්-පාකිස්තාන දේශසීමාවේ ඇෆ්ගනිස්ථාන, ජාර්ම් ප්‍රදේශයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනයෙන් 160කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වනවිට වාර්තා වෙයි.
ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ වාර්තාවන්ට අනුව අද සවස් කාලයේ ඇති වූ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය ඊ්සානදිග අෆ්ගනිස්ථානයේ ජර්ම් ප්‍රදේශයෙන් කිලෝමීටර් 45ක් දුරින් පිහිටා ඇත.
භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව ක්‍රමයෙන් තොරතුරු ගලා එන අතර, මියගිය වැඩි පිරිස පාකිස්තානයෙන් වාර්තා වෙයි. භූ කම්පනය හේතුවෙන් තුවාල ලැබූ පිරිස 1,000 ඉක්මවන බවක කියැවෙයි. කෙසේ වෙතත් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මීට පෙර මෙය රික්ටර් පරිමාණ 7.7ක භූ කම්පනයක් ලෙස වාර්තා කළත්, පසුව එය 7.5 ක් ලෙස දක්වා සිටීමට ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කටයුතු කර තිබේ.
මෙම භූ කම්පනය කාබුල් නගරයට මෙන්ම, ඉන්දියාවේ නවදිල්ලිය හා පාකිස්තානයේ ඉස්තාම්බුල් නගරයටද දැඩිව දැනී තිබේ.