ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන කලාපයේ IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදී නායක හෆීස් සයිඩ් ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව ඇෆ්ගන් බුද්ධි අංශ අනාවරණය කරයි.
නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ නන්ගාර්හාර් පළාතේදී සිකුරාදා රාත්රියේදී මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත.
මොහු සමග තවත් ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් 30 දෙනෙකු පමණ මෙම ප්‍රහාරයෙන් මියගිය බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ඝාතනය සම්න්ධයෙන් ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
මේ අතර, පසුගිය අඟහරුවාදා දිනයේදීද තවත් ප්‍රබල ඉස්ලාමීය රාජ්‍ය නායකයෙකු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය විය.
ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් චරපුරුෂයන් විසින් ලබාදී ඇති බුද්ධි තොරතුරු උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර බව ඇෆ්ගන් බුද්ධි අංශය පවසයි.