අද (23දා) සවස ශ්රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව සිටි ඇෆ්ගනිස්තාන ජනපති හමීඩ් කර්සායි සිය සංචාරය කල්දැමීමට කටයුතු කොට ඇතැයි ‘රොයිටර්ස්’ පුවත් සේවය පවසයි.
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයන් 19 දෙනෙකු ඝාතනය කිරීම ජනපතිවරයාගේ ශ්රී ලංකා සංචාරය කල්දැමීමට ආසන්නතම හේතුව වෙයි. එසේම මෙම ප්රහාරයෙන් හමුදා සාමාජිකයන් 6 දෙනෙක් අතුරුදහන්ව සිටිති.
ඇෆ්ගනිස්තාන ජනපතිවරයා ප්රථමවරට ශ්රී ලංකාවේ තුන්දින සංචාරයක් අද (23දා) ආරම්භ කිරීමට නියමිතව තිබුණි.