දැදිගමදී පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරුගේ බිරිඳ විසින් එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් ඇසක් අහිමි වූ දැදිගම පොලීසියේ පොලිස් කොස්තාපල් එස්.එම්.ඒ. පද්මකුමාර මහතාට වන්දි ලෙස රුපියල් 500,000ක මුදලක් පිරිනැමීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.
පසුගිය වසරේ පෙබරවාරි 9 වැනිදා මෙම සිදුවීම සිදුවූ අතර කොස්තාපල් පද්මකුමාර හා තවත් නිලධාරීන් තිදෙනෙක් ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබීය. කෙසේ වෙතත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙකී පොලිස් නිලධාරීන් සමත් විය.