ඇවන්ට් ගාඩ් මෙහෙයුම් නාවික හමුදාව වෙත පැවරීමෙන් අනතුරුව ගෙවුණු මාසය තුළදී ගාල්ල හා කොළඹ වරාය ආශ්රිත මෙහෙයුම් වාර 652 ක් සිදු කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.55 ක් (රුපියල් මිලියන 220) රජයට උපයා දෙමින් එම ආදායම් රජයේ ඒකාබද්ධ අරමුදලට සෘජුවම බැර කිරීමට පියවර ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්රම් අලෙවි මහතා කියයි.
මෙතෙක් ඇවන්ට් ගාඩ් සමගාම විසින් සිදුකළ මෙකී ක්‍රියාවලිය ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට පත්කළ දින සිට එය අඛණ්ඩව හා විශ්වසනීය අයුරින් සිදුකිරීමට නාවික හමුදාවට හැකිවූ බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියි.
දෙස් විදෙස් නෞකා සඳහා ආරක්ෂාව සපයා වෙළෙඳ නෞකා ආරක්ෂක සමාගම්වලට අයත් අවි,උණ්ඩ හා අවි ගබඩා විෂයයන්, ලබාගැනීම්, ආරක්ෂිතව ගබඩා කිරීම් හා නිකුත් කිරීම්වලට අදාළ වගකීම් පසුගිය නොවැම්බර් මස 13 වැනිදා නාවික හමුදාවට පැවරුණි.