ඇවන්ට් ගාඩ් සමාගමෙන් කප්පම් ගත් බවට එම සමාගමේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට එරෙහිව අමාත්‍යවරුන් තිදෙනෙකු පොලිස්පතිට කළ පැමිණිල්ලට අනුව අද (08දා) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇවන්ට් ගාඩ් සභාපතිවරයාට නියෝග කර තිබේ.
මෙම නියෝගයට අනුව මේ වනවිට ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙමින් සිටී.
දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.