පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනෙක් ඇවන්ට් ගාඩ් ආරක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
"විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අයත් අද ඇවන්ට් ගාඩ් ගාඩ් කරනවා. පක්ෂ විපක්ෂ වගේම මාධ්‍ය ආයතනත් ඇවන්ට් ගාඩ් කරනවා. මෙසේ ඇවන්ට් ගාඩ් ගාඩ් කරන අයටත් මුදල් ගියා කියලා අද ජනතාවට සැකයක් තියෙනවා" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට හඩපටයක් බාරදීමෙන් පසු අද (18දා) මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.