බැඳුම්කර වංචාවට චූදිතයෙකු වී සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයට තමන් ඇතුළත් නොවන බව වාසුදේව නානායක්කාර,චන්ද්‍රසිරි ගජධීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (28දා) පැවසූහ.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති ‘සමාජවාදී ජනතා පෙරමුණේ’ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔවුහු මේ බව ස සඳහන් කළේය.
මැතිවරණ ව්‍යාපාර සඳහා තමන් ධනපති පන්තියේ මුදල් ලබානොගන්නා බවත්, නිර්ධන පන්තියේ මුදල් පමණක් ඒ සඳහා යොදවන බවත් මෙහිදී ඔවුහු වැඩිදුරටත් සඳහන් කළේය.