ඇමෙරිකාවේ විශාලතම බැංකුව වන ජේ.පී.මෝගන් (JP Morgan) හි මිලියන 76ක පුද්ගලික සේවාදායකයන් හා මිලියන 7ක ව්‍යාපාරික සේවාදායකයන්ගේ ගිණුම් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම බැංකුව පවසයි.
මෙම සයිබර් ප්‍රහාරය තුළින් බැංකුවේ ගිණුම් හිමියන්ගේ නම් සහ ලිපිනයන් එකතු කරගැනීමක් සිදුව තිබුණත්, ගිණුම් අංක හා සමාජ ආරක්ෂණ අංක ආදී අතිශය සංවේදී දත්ත සොරාගැනීමක් සිදුව නොමැති බවද බැංකුව පවසයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම හා සසඳා බැලීමේදී අසාමාන්‍ය වංචාවක් දක්නට නොමැති බවද එම බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.
මෙම වසර මුලදී බැංකුවේ පරිගණක පද්ධතියද රුසියානුවන් විසින් හැක්කර තිබූ බව කියවුණි.