ඇමෙරිකාවේ වර්ණභේද ගැටුම් තවදුරටත් උග්රවෙයි
ඇමෙරිකාවේ ලුසියානු හා මින්නෙසෝටා යන ප්රාන්තවලදී කළු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පා පැවැත්වෙන උද්ඝෝෂණ රට පුරා තවමත් ක්රියාත්මක බව විදෙස් වාර්තා පවසයි.
මෙම බොහෝ විරෝධතා රැලි සාමකාමී ස්වරූපයක් ගෙන තිබුණත්, මින්නෙසෝටා ප්රාන්තයේ, ශාන්ත පෝල් නගරයේ පැවති විරෝධතාව උණුසුම් ස්වරූපයක් ගෙන තිබුණේ, විරෝධතාකරුවන් හා පොලීසිය අතර වරින් වර ගැටුම් වර්ධනය වෙමිනි.
ඉරිදා උදෑසන මෙම විරෝධතාවයට එක්ව කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 50ක් පමණ අත්අඩංගුවට ගෙන තිබූ අතර, බස් රථ දෙකක් පුරවා ඔවුන් රැගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.
මෙම උද්ඝෝෂණයන්ට හේතු වූ, පොලිස් වෙඩි පහරින් කළු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ ස්ථායට ආසන්නයෙන් මෙම ගැටුම් උත්සන්න වී තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
ප්රධාන මාර්ගය අවහිර වන ලෙස රැඳී සිටි විරෝධතාකරුවන් පොලීසිය වෙත බෝතල්, ගඩොල් හා ගිනිකෙළිවලින් දමා ගසා තිබුණු අතර, එම පහරදීම්වලින් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා තිබුණි.
කෙසේ වෙතත්, මෙම විශාල ජන ගංගාව පාලනය කිරීම සඳහා පොලීසිය විශේෂ උපක්රම යොදාගෙන තිබූ බවත්, සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
කෙසේ වෙතත්, පසුගියදා ඩලාස් නුවර පොලීසිය සමග සිදුවූ ගැටුම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ස්නයිපර් ප්රහාරයකට ලක්වීමෙන් පසුව පොලීසියේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඇමෙරිකානු ආරක්ෂක අංශ වැඩි අවධානයක් යොමු කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

