ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ඇමෙරිකානු සංචාරයක් සඳහා ඇරයුමක් ලැබී තිබේ.
නායක දෙපළ අතර සිදුවූ දුරකථන සංවාදයකදී මෙම ඇරයුම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලොව පුරා අභියෝග වෙත පිළියම් සෙවීමේදී ඉන්දියාව සැබෑ මිතුරෙකු මෙන්ම සහකරුවෙකු ලෙස ඇමෙරිකාව දකින බව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම කතාබහේදී පවසා තිබේ.
එමෙන්ම, ආර්ථික හා ආරක්ෂක වශයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද මෙම දුරකථන සංවාදයේදී සාකච්ඡා පවත්වා තිබේ.
එමෙන්ම, ගෝලීය ත්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන්ද ට්‍රම්ප් මෙන්ම මෝදි කරටකර සිටිනු ඇති බවද වොෂිංටනය පෙන්වාදී තිබේ.
ඇමෙරිකානු මැතිවරණ ව්‍යාපාරය තුළදීද ට්‍රම්ප් ඉන්දියාව සම්බන්ධයෙන් වඩාත් සුබවාදී ආකල්පයක පසුවිය.
ඉන්දියාව තුළ මෝදි විසින් නිලධාරීවාදයට එරෙහිව සිදුකරන ප්‍රතිසංස්කරණ මෙන්ම, එරට ආර්ථිකය වර්ධනයට ලබාදෙන සහාය ට්‍රම්ප් නිතර අගය කළේය.
ධවල මන්දිරය පවසා ඇත්තේ මෙම වසර තුළ මෝදි ජනාධිපතිවරයා ඉන්දියාව වෙත පැමිණෙනු ඇති බවයි.