ඇමෙරිකාවේ ඉහළ පෙළේ මානව හිමිකම් පිළිබඳ තානාපතිවරියකට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳව ඇමෙරිකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන කැතරින් රසෙල් නැමැත්තියට මෙසේ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබාදී නොමැති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළ බව ඒ.පී පුවත් සේවය උපුටා දක්වමින් කලීජ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.