ඇමෙරිකාවේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරයක් වන කැතරින් රසෙල් නැමැති කාන්තාවට වීසා ලබාදීම ප්‍රතික්ෂේප නොකළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇයගේ ශ්‍රී ලංකා සංචාරයට නියම වී තිබුණු දින වකවානුවල ගැටලුකාරී තත්ත්වයක් පැවැති හෙයින් එම දින වකවානු වෙනස් කර ගන්නා ලෙසට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දැනුම් දුන් බවත් දින වකවානු වෙනස් කිරීමට දැනුම්දීම හැර වීසා ලබාදීම ප්‍රතික්ෂේප නොකළ බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම කරුණ වැරැදියට හුවා දක්වමින් මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය කරුණු වැරැදියට වර්තා කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.