දේශපාලන කටයුතු පිළිබඳ ඇමේරිකානු උප රාජ්ය ලේකම් තෝමස් ඒ ෂැනොං මහතා බංග්ලාදේශයේ හා ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔහු සිය සංචාරය 05 දා ආරම්භ කර අතර 5දා සිට 6 දා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරත් 6 දා සිට 7 දා ශ්රී ලංකාවටත් පැමිණීමටත් නියමිතය.
ඔහුගේ ශ්රී ලංකා සංචාරයේදි දෙරටේ සබඳතා පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිත අතර රාජ්ය හා රාජ්ය නොවන නිලධාරීන් සමග සාකච්ඡා කිරීමටත් නියමිතය.