අධිකරණය අතිශය දේශපාලනී කරණයට ලක්ව ඇති බව පෙනෙන්නට තිබෙන්නේ යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
නව ජනාධිපතිවරයා විසින්, ප්රමුඛ මුස්ලිම් රාජ්‍යයන් 7කින් පැමිණෙන සංක්‍රමණිකයන් රට තුළට පිවිසීම තහනම් කරමින් ගෙනෙන ලද විධායක නියෝගය එරට අධිකරණය විසින් වැළැක්වීම තුළ මෙසේ අධිකරණය හා විධායකය අතර උණුසුම් තත්ත්වක් ඇතිවී තිබේ.
විශේෂයෙන්ම, අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණට ඉදිරිපත් කළ ඇපෑලද ප්‍රතික්ෂේප වෙමින්, රිපබ්ලිකන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අධිකරණය තුළ අභියෝගයට ලක්වී දිනකින් පසුව ට්‍රම්ප් මේ ආකාරයේ ප්‍රකාශයක් සිදුකර තිබීමද විශේෂත්වයකි.
ට්‍රම්ප්ගේ විධායක නියෝගය හේතුවෙන් ප්රමුඛ මුස්ලිම් රාජ්‍යයන් 7කින් පැමිණෙන සංක්‍රමණිකයන් රටට ඇැතුළු වීම වැළැක්වීම මෙන්ම, ඇමෙරිකානු සරණාගත වැඩසටහනද තාවකාලිකව අත්හිටවනු ලැබිණි.
ඇමෙරිකානු පොලිස් ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී 1965 දරණ එරට සංක්‍රමණ හා ජාතිකත්ව පනතේ කරුණු ගෙනහැර දක්වමින් ට්‍රම්ප් පවසා සිටියේ ආගමන විගමන කටයුතු පාලනය කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බවයි. එම පනතේ එය වඩාත් පැහැදිලිව ලියා ඇති බව පවසන ට්‍රම්ප්, අතිශය දුර්වල පාසල් සිසුවෙකුට වුවද එය කියවා තේරුම්ගත හැකි බවද අවධාරණය කරයි.
"පක්ෂග්රාහී අධිකරණයක් යැයි කියන්න මට කවදාවත් අවශ්‍ය වුණේ නෑ, ඒ නිසා එය පක්ෂග්රාහී යැයි පැවසීමට මට අවශ්‍ය නෑ" ට්‍රම්ප් කියයි.
"අධිකරණය අතිශය දේශපාලනීකරණය වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා මේ පනත් නිවැරදිව කියවා වඩාත් ප්‍රශස්ථ තීරණයකට අපේ අධිකරණය පද්ධතිය පැමිණෙනවා නම් ඉතා හොඳයි."
"එය අපේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක තත්ත්වයක්. එය ඉතා වැදගත් තත්ත්වයක්."
"නමුත්, බොහොම කනගාටුයි. මම හිතන්නේ බොහොම කනගාටුදායක දිනයක්."
"මම පාසලේ හොඳ ශිෂ්‍යයෙක්. මට දේවල් තේරුම් ගන්න පුළුවන්. මට ඉතා හොඳින් වටහාගන්න පුළුවන්. මම හිතන්නේ බොහෝ දෙනෙකුට වැඩිය මට දේවල් වටහාගන්න පුළුවන්."
මෙහිදී, තමන් විසින් සිදුකළ සංක්‍රමණික තහනම තමා ඇමෙරිකාව ආරක්ෂා කරගැනීමට පාවිච්චි කළ අවියක් ලෙසද හඳුන්වාදුන් ට්‍රම්ප්, සිය ප්‍රතිපත්ති අගය කළ බොස්ටන් හි ෆෙඩරල් විනිසුරුවරයා අගය කිරීමටද අමතක නොකළේය.