ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහනම වළක්වමින් ගෙන තිබූ අධිකරණ නියෝගයට එරෙහිව ට්‍රම්ප් පාලනාධිකාරිය එරට ඉහළ අධිකරණයකට යොමුකළ ඇපෑලද නිෂ්ප්‍රභ වී තිබේ.
මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයන් 7කින් ඇමෙරිකාව වෙත සිදුකරන සංක්‍රමණ වළක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා විසින් ලබාදුන් විධායක නියෝගය බල රහිත කරමින් පසුගිය සිකුරාදා එරට ෆෙඩරල් අධිකරණයක විනිසුරුවරයෙකු විසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජයේ නීතීඥයන් විසින් එරට ෆෙඩරල් ඇපැල් අධිකරණය වෙත ඇපෑලක් යොමුකළද, එයද නිෂ්ප්‍රභ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ තත්ත්වය තුළ, මෙම නඩුව සම්පූර්ණයෙන්ම අසා නිමවන තුරු සංක්‍රමණ තහනමට එරෙහි නියෝගය බල රහිත වනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඇපැල ඉදිරිපත් කරමින්, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටියේ ජාතික ආරක්ෂාව මූලිකත්වයෙහි තබා ජනපතිවරයා ගනු ලැබූ නියෝගය විනිසුරු ජේම්ස් රොබට් අවතක්සේරුවට ලක්කර ඇති බවයි.
එමෙන්ම, ඇමෙරිකාවට ඇතුළු වන්නේ කවුද, ඇමෙරිකාවෙන් පිට වන්නේ කවුද යන්න තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාට පමණක් පැවරෙන බවද අදාළ ඇපැලෙන් මතු කර තිබේ.
කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් පවසා තිබුණේ විනිසුරුවරයාගේ තීරණය සිනහ උපදවන බවයි. එමෙන්ම, අදාළ තහනම යළි ස්ථාපිත කිරීමට තමා පොරොන්දු වන බවද ට්‍රම්ප් අවධාරණය කළේය.