ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොලරාඩෝ ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයෙකු වූ නීල් ගෝර්සච් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් පත්කර තිබේ.
මෙම පත්කිරීම සෙනට් මණ්ඩලය විසින් තහවුරු කළහොත් 49 හැවිරිදි නීල් ගෝර්ස්ච් විසින්, හිටපු විනිසුරු ඇන්ටොනින් ස්කේලියාගේ අභාවයෙන් පසුව හිස්වූ අධිකරණයේ කන්සවර්ටිව් බහුතරය යළි ස්ථාපිත වනු ඇත.
කෙසේ වෙතත්, සෙනට් මණ්ඩලයේ ඩිමොක්රටික් නායකයා පවසන්නේ විනිසුරු නීල් ගෝර්ස්ච්ගේ පත්කිරීම සැකයට තුඩුදී ඇති බවයි.
ඇමෙරිකානු දේශපාලනයේ වඩාත් සංවේදී කාරණා ලෙස සැලකෙන ගබ්සාව, සමලිංගික සේවනය හා ගිනි අවි පාලනය ආදිය සම්බන්ධයෙන් අවසන් නීතිමය තීරණය පවතින්නේ එරට අධිකරණය සතුවය.
මෙම පත්කිරීම සිදුකරමින් ජනපති ට්‍රම්ප් පවසා සිටියේ විනිසුරු ගොර්සච් සතුව සුවිශේෂී ඥානයක් මෙන්ම, අසමසම නීති අධ්‍යාපනයක්ද පවතින බවයි. මේ තත්ත්වය තුළ නීති ප්‍රකාරවම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ කැපවීමක් ඔහු දක්වනු ඇති බවද ට්‍රම්ප් පවසා සිටියේය.
"විනිසුරු ගොර්සච් සතුව සුවිශේෂී නීති විශාරධත්වයක්, විශිෂ්ට මනසක්, විශාල විනයක් පවතින අතර, ඔහු පක්ෂ දේකේම සහයෝගය ලැබූ අයෙක්" යැයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මැතිවරණ සමයේදී ඉදිරිපත් කළ නාමයන් 21ක් අතරින් මෙම පත්කිරීම සිදුකර තිබේ.