ඇමරිකාවේ ආධාර සමග සංවර්ධනය වේගවත් කරනවා
වර්තමානය වනවිට ඇමෙරිකාව රටට අවශ්‍ය ආධාර ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් එමගින් රටේ සංවර්ධන කටයුතු තව තවත් වේගවත්ව කිරීමට යහපාලන රජය කටයුතු කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තිස්සමහාරාම බෝගහපැළැස්ස, ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඇමතිවරයා මෙසේ පැවසීය.
"රටේ සංවර්ධනයට ආධාර කරන්න දැන් ඇමෙරිකාව තීරණය කරලා. ඇමෙරිකාව වගේ ලෝක බලවත් රාජ්‍ය අපට දැන් ආධාර ලබා දෙනවා. පසුගිය රජය සම්බන්ධකම් ඇතිකරගෙන තිබුණේ රුවන්ඩාව, බුරුන්ඩාව, සෝමාලියාව, උගන්ඩාව, සිම්බාබ්වේ වගේ රටවල් සමගයි. ඒ රටවල් වලින් අපිට වැදගත් ප්‍රයෝජන ගන්න බැහැ.
බිසෝවරු හැටක් පමණ ඉන්න ස්වාසිලන්තයේ රජ්ජුරුවෝ අපේ රටට ආවා. එවැනි රටවල් තමයි එදා රාජපක්ෂ පාලන කාලය ළං කර ගත්තේ. අද අපේ රටේ නිවාස ක්ෂේත්රය, විශාල සංවර්ධනයක් කරන්න මාගේ අමාත්‍යාංශය කටයුතු කරනවා" යැයි අමාත්‍යවරයා පැවැසීය.
තිස්සමහාරාම - රුක්මන් රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

