ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් දහ දෙනෙකුට වැඩිය එකිනෙකාට චෝදනා කර ගන්නා බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ආණ්ඩුවේ අර්බුදයක් පවතින බැවින් ඇමතිවරුන් අතරේ එකඟතාවක් නොමැති බවත්, මේ ආකාරයට ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙර්රා කේන්ද්‍රයේදී පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එජාප විරෝධී සියලු පාර්ශ්ව එක්කරගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.