තමාට ඇමතිකමක් ලබාදීමට ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිවෙකු ආරාධනානොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පැවසීය.
පියසේන ගමගේ මහතාට ඇමතිකමක් ලබාදෙන බවට පැතිර යන රාවය පිළිබඳව ඒ මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ කිසිවෙකු පසුපස ගොස් මා ඇමතිධුරයක් ඉල්ලා නොසිටි බවයි.
තමාට රාජ්‍ය ඇමතිධුරයක් ලැබෙනු ඇතැයි වාර්තා පළවී තිබෙන බවත්,රාජ්‍ය ඇමතිධුරයක් ලබාගැනීමට තරම් තමා අඩුසුදුසුකම් ලැබූ අයෙකු නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමා ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිධුරයක් දැරූ අයෙක් බවත්,ඊට පහළ ඇමතිධුරයක් ලබා නොදෙනු ඇති බවත් පැවසූ පියසේන ගමගේ මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම්දුන් පසුව මේ දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණනොගැසුණු බවද පවසා සිටියේය.