ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් වාචික ප්‍රශ්න යොමුනොකරන මෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා තමාට ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඊයේ(26දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම තමා අසන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට අදාළ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණීම හිතාමතා මගහරින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලද්දේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට යොමුකළ ප්‍රශ්නයට ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායවරයා පිළිතුරු දුන් අවස්ථාවේදීය.
මාස කිහිපයක සිට මෙම ප්‍රශ්න තමා පාර්ලිමේන්තුවේදී අසන බවත්, ඒ සැම අවස්ථාවකදීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පිළිතුරු දීම මගහැරි බවත් මන්ත්‍රීවරයා කීය.
එමෙන් ඌව ප්‍රධාන අමාත්‍යවරයා මේවනවිට අත්තනෝමතිකව උපදේශකවරුන් 08 දෙනෙකු පත්කර ඇති අතර, එය අවලංගු කරන ලෙස නියෝගකර තිබුණද මෙතෙක් එය සිදුව නැතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
තවද මෙම උපදේශකවරුන් අතරින් දෙදෙනෙකු රජයෙන් වැටුප් දෙකක් ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ කරුණ සම්බන්ධයෙන් වහාම සොයා බලා පළාත් සභා හා පඝාත් පාලන අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාට පැවසීය.මේහරහා පාර්ලිමේන්තුව අපහසුතාවට පත්කර ඇති බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැනි ගැටලු රාජ්‍ය ගිණුම්කාරක සභාවට යොමුකරන්නේනම් විමර්ශනය කර බැලීමට අවස්ථාව ඇති බවයි.