වී අලෙවි මණ්ඩලය විසින් අවස්ථා දෙකකදී සත්ත්ව ආහාර සැකසීම සඳහා මෙන්ම සහල් නිෂ්පාදනයට පෞද්ගලික සමාගම් තුනකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි 360ක් පාඩුකර ඇතැයි සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (01දා) පැමිණිලි කළේය.
ටොප් ටෙන් වැඩසටහන යටතේ සිදුකරන හතරවැනි පැමිණිල්ල මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා මෙම ගනුදෙනුවලට සෘජුවම වගකියන බවත්, මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.