ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හා වවුනියාවේ උපවාසයක නිරතව සිටි අතුරුදන්වූවන්ගේ ඥාතීන් අතර පැවැත්වූ සාකච්ඡාවකින් පසු උපවාසකරුවෝ සිය උපවාසය අත්හැරියහ.
පෙබරවාරි 09 වැනිදා අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වවුනියාවෙදී පොරොන්දු විය.
ඒ අනුව දින 04ක් පුරාවට ඔවුන් ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය තාවකාලිකනවත්වනු ලැබිණි.
අද (26දා) දින සවස 5.00 ට පමණ උපවාසයක නිරතවූවන් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාඅතර පැයක පමණ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා,
‘‘අපි සාකච්ජා කෙරුවා පසු ඒ අය තාවකාලිකව උපවාසය නැවත්තුවා. ඒ අයගේ ප්රශ්නය අපි මානසිකව සංවේදීව බලන්න ඕන මේ යුද්ධය නිසා සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු දෙනාටම විශාල විනාශයක් වුණා.
ඒ අයගේ වේදනාව ගැන අපි සලකා බලන්නට ඕන. ඒ නිසා තවත් සති දෙකකින් අපි අරලියගහ මන්දිරයේදී අපේ ජනාධිපතිතුමන්ගෙන් හා අගමැතිතුමන්ගෙන් උපදෙස් රැගෙන අමාත්‍ය සාගල රත්නායක, විජයදාස රාජපක්ෂ හා පොලිස්පතිවරයාගෙත් ප්‍රධානත්වයෙන් මේ උපවාසකරුවන් සමග සාකච්ඡා කොට මේ අතුරුදන් වූවන්ට කුමක්ද වුණේ සිදුකරන පොලිස් පරීක්ෂණත් සැලකිල්ලට ගෙන විසඳුම් ලබාදෙන්නට පියවර ගන්නවා. මම හිතනවා ඒකෙන් ඒ අයගේ වේදනාවට සහනයක් ලබාදෙන්න පුළුවන් වෙයි කියලා.
ඒ වගේම අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් එක්ව මේ රජය විසින් මේ රටේ සංහිඳියාව ඇති කරන්න කැපවෙලා ඉන්නවා. මේ අයට විසඳුම් ලබාදෙන්නත් අපි කැපවෙලා ඉන්නවා. ඒ නිසා පෙබරවාරි 09 වැනිදා මේ අයට අරලියගහ මන්දිරයේදී වසඳුම් ලබාදෙන්න පියවර ගන්නවා” යනුවෙනි .