බොදුබල සේනා ජාලයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පැවරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා උන්වහන්සේ කරන ලදැයි කියන අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිව ඇමතිවරයා කෝටි 100 ක වන්දි ඉල්ලමින් ඥානසාර හිමියන් වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.
සති දෙකක් ඇතුළත මුදල් නොගෙවන්නේ නම් කෝටි 100 වන්දි ඉල්ලා නඩු මගට පිවිසෙන බව ඇමතිවරයා සිය නීතිඥයන් මාර්ගයෙන් යොමුකළ එන්තරවාසියේ සඳහන් වෙයි.